Hall Of Fame -Our History

Sanchare' was talented enough to receive The Presidential award for a consecutive period of 3 years. Without Ur helping hands i don't think v must have not succeeded the dream. Thanks you very much for making sanchare the No 1 programme.
- Nade Gura & D Nade -
_____________________________________________________________________

Hummane (blow hole-sri lanka) හුම්මානය

හුම්මානය
නවතම පහුසුකම් අනුව හුම්මානය ක්‍රියාකාරීත්වය නැරඹිමට බෝට්ටු මගින් මුහුද දෙසින් හුම්මාන කට ගාවට යා හැක¡
මෙම එක බෝට්ටුවක වරකට 6 දෙනෙකුට ගමන් කල හැක¡ මිල රු 450යි¡ කෙනෙකුට රු 75යි¡·
අනිවාර්යෙන් ජීවිතාරක්ෂක ඇඳුමක් පැලඳිය යුතුයි¡·
හුම්මානය නැරඹිමට වඩාත් සුදුසු කාලය ජුනි, ජුලි, අොග්ස්තු, මාස වලදී වාරකං කාලය වඩාත් සුදුසුය¡· කතරගම ඇසල උතසවයේ දිය කපන දිනයේදී හුම්මානයේ රළ පොල්ගස් දෙකක් පෙමණ උසට වදින බවට මතයක් පවතී¡
ලෝකයේ හුම්මාන 5ක් පවතී·
තායිලන්තය·
ජපානය·
හවායි·
හොවාහෝ (ඇමරිකාව)·
ලංකාවේ දෙකක් (ගාල්ලේ උනවටුනේ කුඩා හුම්මානය පිහිටා ඇත ,ලංකාවේ හුම්මානය ලෝකයේ දෙවැනි තැනට පත්ව,
The Kudawella (South) Fisheries Co-operative Society, Kudawella, provides boat rides for locals and tourists interested in visiting the blow hole. The boat will station you 25 meters away from the blow hole in the sea, where you could experience the sprouts of water at close range.The Hummane Blowhole is the second hugeness in the world
View Hummane (blow hole) in a larger map>
Bookmark and Share

Planetarium sri lanka


Bookmark and Share
Our Planetarium exhibiting the grandeur of the Universe Our Planetarium was a special feature of the Industry Exhibition held in the year 1965. It is administrated by the Ministry of Science & Technology. State Engineering Corporation. It was designed by Dr. A.N.S.Kulasinghe. The inner dome of the Planetarium was constructed by German Engineers. The main projector was from East Germany. In 1999 a mobile Planetarium, extra projectors and Audio & Video systems were donated by the Japanese Government,The Planetarium located in the Old Race Course, Colombo is housed in a concrete building having

interior bent pillars and rising upward nearly 100 feet from the ground resembles a bloomed flower of a unique formation. Planetarium is located at the Stanley Wijesundara Mawatha, Colombo 7.

There are 570 seats at the planetarium. You can able to see the night sky as seen from any place on the earth such as northern pole or southern pole and the night sky 25,000 years ago or up to 25,000 years in the future. Apart from these you can see solar eclipses, lunar eclipses, moon phases, comets etc.

At the planetarium you have the opportunity to see the mid night sun as visible from a country located in the Antarctic Circle. In addition to the items mentioned earlier, various other shows can be produced under the following subject areas

1. A journey through the Solar System 2. Space journey to other planets. 3. Zodiacal constellations 4. Comets, asteroids and artificial satellites 5. Earth’s moon and its influence 6. Star Constellations 7. The seasons of the earth 8. Various types of earth movement 9. How the planets are assigned to Zodiacal sign 10. New findings of astronomy. The Planetarium is closed on Sundays, Mondays & on public holidays. Week days (Mon- Fri) shows are mainly for school students according to their school curriculums and public can visit on Saturdays.An advanced booking (one month) is essential for the planetarium shows. Minimum number of spectators is 50 for each show. If the spectators are below 50 available shows is only on Saturday at 10.00 a.m.For English or Tamil shows the booking should be made 6 weeks in advanced.



මන්නාරම

වර්ග කිලෝමීටර් 1505.4 ක වපසරියක් පුරා විසිරී පැතිරී ඇති මන්නාරම දපත
මාන්තෙයි, මාතොට, මහාතිත්ත, මාන්තොට, මහපුටු, මාවටුතොට ආදී විවිධ
ගම්වලින් හැදින්වූ බව ඉතිහාසයේ දැක්වෙයි. මන්නාරමේ ශුෂ්ක කාන්තාර
දේශගුණික තත්වයකට වඩාත් සමානතාවක් දක්වයි.
මන්නාරමට පැමිණිය හැකි ප‍්‍රධාන මාර්ග දෙකකි. එනම් අනුරාධපුරය, මැදවච්චිය
හරහා කිලෝමීටර් 80 ක් පැමිණ ගමන් කිරීමෙන් පසු ළගා විය හැකි පාර මාර්ගය
වන අතර අනෙක් මාර්ගය වන්නේ මෑතකදී විවෘත වුණු පුත්තලම එළුවන්කුලම
සිලාවතුර හරහා විල්පත්තු වනෝiානය මැදින් තනා ඇති නව මාවතයි.
From Mannar 02

මන්නාරම පිළිබද ඓතිහාසික පුරාවෘර්ථ
මාතොට පිළිබඳව ඉතිහාස පුරාවෘර්ථ සහ ජනකෘති රැුසක් පවතියි. විජයාව තරණය
සිදු වූයේ මා තොටින් බවට මන්නාරම වැසියන් තුළ විශ්වාසයක් පවතියි. එමෙන්ම
විජය රජුට කි‍්‍ර පූ 505-543 කාලේයදී ඉන්දියාවේ මදුරා දේශයෙන් අග බිසවක්
ගෙන්වා ගෙන ඇත්තේ ද මා තොට හරහා බවට ජනප‍්‍රවාදයෙන් පවතියි. (විල්පත්තු
අභයභූමිය කෙලවරක පිහිටි කුදිරමලේ නම් ස්ථානයෙන් පැමිණි බවට ද මතයක්
පවතියි.*
එමෙන්ම ඉලනාග රජු සතුරු ආක‍්‍රමන හේතුවෙන් කේරලයට පැන ගියේ ද මාතොටින්
බවට ද තවත් ජනප‍්‍රවාදයකි. මහා වංශයෙහි සඳහන් වන්නේ කකුසඳ බුදුන් සමයෙහි
මහා තිත්තයෙහි බෝධියක් රෝපනය කළ බවයි.

වෙන්කාලෙයි පාලම සහ කුරුලූ අභයභූමිය
මන්නාරම ¥පත යා කෙරෙන වෙන්කාලෙයි පාලම දැනට ලංකාව තුළ ඉදි කර ඇති දිගම
පාලමයි. මෙම පාලම දෙපස වර්ග හෙක්ටාර් 4828 වපසරියක් පුරා වෙන්කාලෙයි
–පලියන්තිව් සහ තිරිකේනිල්වර්ට් අතර මෙම වෙන්කාලෙයි කුරුලූ අභයභූමිය
පිහිටා ඇත. දේශාටනය කරන පක්ෂීන්ගේ රජ දහසක් ලෙස හඳුන්වා දිය හැකි මෙම
කුරුලූ අභයභූමිය තුළ දෙස් විදෙස් පක්ෂීන් වර්ග 200ක් පමණ දැක ගත හැකි වේ.
සියක්කාරය, කැබිලිත්තයා, රන්පත් තාරාවා, උල් පෙද තාරාවා, පෙද ක`ථ මත
බට්ටා ඒ අතර ප‍්‍රධාන වේ. ඊට අමතරව ඉතා දුර්ලභ සත්ත්ව ප‍්‍රභේද කිහිපයක්
ද වෙන්කාලෙයි අභයභූමිය නිජබිම කරගෙන සිටිති. ගැට කිඹුලන් මෙන්ම මුහුදු
ඌරන් ද මේ අතර වෙති. කඩොලාන ශාක සහ වැලි තීරයන් වෙන්කාලෙයි අභයභූමිය
පුරා පිහිටා ඇත.
From Mannar තිරුකේතීස්වරම් කෝවිල
ඊස්වර දෙවිදුන් මුල් කර ගනිමින් පිහිටුවා ඇති සුප‍්‍රසිද්ධ කෝවිල්
කිහිපයකි. එනම් හලාවත මුන්නේෂ්වරම්, ති‍්‍රකුණාමලයේ කෝනේෂ්වරම්,
ඉන්දියාවේ රාමේෂ්වරම් හා මන්නාරමේ තිරුකේතීස්වරම් වේ. මන්නාරම ්-32
මාර්ගය ආසන්නයේම මෙම කෝවිල පිහිටා තිබේ. රාවනාගේ මාමණ්ඩිය වන මායන්
විසින් මෙම කෝවිල ඉදි කළ බවට ජනප‍්‍රවාදයක් පවතියි. එමෙන්ම රාමා-රාවනා
යුද්ධයේදී, රාම කුමරුන් සීතාව රැුගෙන ඉන්දියාවට නැවත ගමන් කරද්දී මෙම
දෙවොළ මැද නමස්කාර කළ බවට ද ජනප‍්‍රවාදයෙහි දැක්වේ. විජය කුමරු සම`ග
ලංකාවට පැමිණි බ‍්‍රාශ්මනයෙකු මෙම දෙවොලේ පුද සත්කාර සඳහා නතර කර ගිය බවට
ද තවත් ජනප‍්‍රවාදයකි. මෙම තිරුකේතීෂ්වරම් කෝවිල ඊෂ්වර දෙවියන්ගේ මහා
හාස්කම් පවතින කෝවිල් අතර ප‍්‍රධාන තැනක් ගන්නා බව අදත් මන්නාරම වැසියන්
අතර විශ්වාසයක් පවතියි.

මන්නාරම බූරුවෝ
මන්නාරම් ¥පතට බූරුවන් රැුගෙන විත් ඇත්තේ සෝමාලියාවෙන්. ඒ භාණ්ඩ
ප‍්‍රවාහන කටයුතු පහසු කර ගැනීම සඳහායි. පසුව පුත්තලමට සහ කල්පිටිය
ප‍්‍රදේශ වලට ද මෙම බූරුවන් රැුගෙන ගොස් මන්නාරම ¥පත පුරාම අදටත් මෙම
බූරුවන් රංචු වශයෙන් දැක ගත හැකියි.

මන්නාරමේ කෘෂිකර්මය
මන්නාරමට වර්ෂාපතනය ලැබෙනුයේ වසරකට මාස දෙකක කාලයක් පමණි. දිවා කාලය
වඩාත් දිගු වේ. මෙම දේශගුණික තත්ත්වය වාඩත් යෝග්‍ය වන්නේ, වී වගාව
සඳහායි. මන්නාරමේ වගා කටුයතු සඳහා බහුල වශයෙන් යොදා ගැනෙනුයේ අහස්
ජලයයි. එමෙන්ම යෝධ වැවේ ජලයෙන් මන්නාරම ¥පතේ අක්කර 24,000 ක් පෝෂණය වේ.
රතු මිශ‍්‍ර ලැටරයිස් පසකින් යුක්ත මන්නාරම ¥පතෙහි පස ඉතා සාරවත් වන අතර
මෙහි අක්කරයකින් වී බුසල් 170කට ආසන්න අස්වැන්නක් ලැබෙන බව කෘෂිකර්ම
දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්ත දක්වයි.

මන්නාරම කොටුව
මන්නාරම කොටුව පෘතුගීසීන් විසින් ඉදි කරන ලද්දකි. පෘතුගීසින්ට පසුව
කී‍්‍ර ව 1696 දී ලන්දේසීන් විසි්න මෙම මන්නාරම කොටුව පාලනය කර තිබේ.
1975 ඔක්තෝබර් 05 වැනිදා මන්නාරම කොටුව තම ආධිපත්‍යයට හසු කර ගන්නා
ඉංගී‍්‍රසීන් විසින්, එය වඩාත් සංවර්ධනය කරන ලදී. මන්නාරම් තොට එදා
ලංකාව ලෝකය හා යා කරන කුලූන තොටුපොළ ලෙස හැඳින්විය හැක. මන්නාරම කොටුව
හා තොට පිළිබඳව තොරතුරු යාපනයේ තාමන්හිල් ¥පතේ පිහිටි සෙල්ලිපියක ද
දැක්වේ. වර්තමානයේ මෙම කොටුව ශි‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පාලනය
යටතේ පවති.

බයෝ බැස් ශාකය
බයෝ බැස් යනු මන්නාරම් ¥පත තුළ පිහිටි සුවිසල් වෘක්ෂයකි. මන්නාරමේ
පිහිටි විශාලතම බයෝ බැස් ගස හමුවෙනුයේ මන්නාරම් ¥පතට පිවිසීමට කිලෝමීටර්
02කට පමණ පෙරාතුවයි. බයෝ බැස් ගස භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා මෙරටට රැුගෙන ආ
ඔටුවන්ගේ පි‍්‍රයතම ආහාරයකි.
From Mannar 02
ඌරුමලේ වෙරළ තීරය
ඌරුමලේ යනු මන්නාරම් ¥පතේ පිහිටි ඉතා රමණීය වෙරළ තීරයකි. පැහැදිලි අහසක්
ඇති දිනෙක ඉන්දියාවේ රාමේෂ්වරම්හි පිහිටි ප‍්‍රදීපාගාරයෙහි ආලෝකය ඌරුමලේ
වෙරළ තීරයට ඉතා හොඳින් දිස්වේ. ලංකාවේ වෙරළ තීරයක සිට වෙනත් රටක් දැකගත
හැකි ලංකාවේ එකම වෙරළ තීරය ඌරුමලේ වෙරළ තීරයයි. එනම් මෙරට සිට ඉන්දියාවට
ළ`ගින්ම පිහිටි වෙරළ තීරය ඌරුමලේ වෙරළ තීරයයි.
රාම රාවනා කතා පුවතෙහි කියැවෙන හනුමන්තා මෙරටට පැමිණියේ යැයි
ජනප‍්‍රවාදයෙහි සඳහන්වන ආදම්ගේ පාලමේ වැලිකඳුද ඌරුමලේ මුහුදු තීරයේ අදටත්
දැක ගත හැකිවේ. මෙම වැලිකඳු සහිත මුහුදු තීරයේ විවිධ වර්ගවල මත්‍යසයින්
දැකිය හැකි අතර ඉතා සිත්ගන්නා සු`ථ කොරල් පර ද විශාල වශයෙන් පිහිටා ඇත.
වර්තමානයේ මෙම වෙරළ තීරය ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ආරක්ෂාව
ටතෙහි පාලනයවේ.