Hall Of Fame -Our History

Sanchare' was talented enough to receive The Presidential award for a consecutive period of 3 years. Without Ur helping hands i don't think v must have not succeeded the dream. Thanks you very much for making sanchare the No 1 programme.
- Nade Gura & D Nade -
_____________________________________________________________________

නාගදීපය, ඩෙල්ෆ්,




නාගදීපය
යාපනය අර්ධද්වීපයේ ඇති දකුණේ ජනතාව අතර වඩාත්ම ජනපි‍්‍රය සහ ආකර්ශනයක් දිනාගත් ස්ථානය නාගදීපය බවට සැකයක් නැත. බුදුරජාණන් වහන්සේ දෙවන වර ලංකා ගමනයේදී නාග ගෝති‍්‍රකයන් අතර සිදුවූ ගැටුමක් සමතයකට පත් කිරීම සඳහා නාගදීපයට වැඩි බව බෞද්ධ ජනතාවගේ විශ්වාසයයි. විවිධ කාලවලදී ධාතුසේන, සද්ධාතිස්ස, දුටුගැමුණු ආදී රජවරුන් විසින් විටින් විට ප‍්‍රතිසංස්කරණය කරන ලද නාගදීප විහාරස්ථානය විටින් විට පරසතුරු උවදුරුවලටද ගොදුරු විය. මෑත කාලයේදී සිදුවූ ලොකුම විනාශය නම් 1958 කෝලාහල සමයේදී බුරුමයෙන් දායාදයක් ලෙස ලැබුණු බුදුපිළිම වහන්සේ කෝලාහලකරුවන් විසින් කඩා මුහුදට දැමීමයි. එය නැවත ගොඩගෙන කරෙයිනගර් හමුදා කඳවුරේ තැන්පත් කර ඇත.
නාගදීපයේ ඇති තවත් වැදගත් ආගමික ස්ථානයක් වන්නේ නාගපූෂානි අම්මාන් කෝවිලයි. මෙහි ඇති දේව රූපය මීට වසර දහස් ගණනකට පෙර පොළොවෙන් මතුවී ආ බවත් එමෙන්ම දකුණු ඉන්දියාවේ සිට යාපනය දක්වා වෙළඳාමේ ආ වෙළඳුන්ට සිදුවූ අකරතැබ්බයක් ඔස්සේ මේ කෝවිල ගොඩනැගුණු බවත් ජනප‍්‍රවාදයේයි.
නාගපූෂානි අම්මාන් කෝවිලේ දායක සභාව විසින් නාගදීපය වන්දනාවේ එන බෞද්ධ හින්දු සියළුම බැතිමතුන්ට නොමිලේ දිවා ආහාරය සපයන දන්සලක් පවත්වා ගෙන යයි. එමෙන්ම එහි ඇති විශ‍්‍රාම ශාලාවේ 200ක පිරිසකට නවාතැන් පහසුකම් ඇත.
නාගදීපය වෙත යාමට කයිට්ස් කුරිකට්ටුවාන් ජැටියෙන් විනාඩි 20ක විතර මුහුදු ගමනක යෙදිය යුතුය. බෝට්ටුකරුවන් විසින් නාගදීපය සඳහා රැුගෙන යාමට රුපියල් 20ක මුදලක් අය කරයි.
නාගදීපය වෙත යාපනයේ සිට කිලෝ මීටර් 30ක විතර ගමනක යෙදිය යුතුයි.
ඩෙල්ෆ්

දුපතට ළ`ගා වීම සඳහා නාගදීපයට යාමට භාවිතා කරන ජැටිය භාවිතා කළ යුතුය. එතැන් සිට ෆෙරි (මෝටර් සවි කළ විශාල බෝට්ටු* මගින් ඩෙල්ෆ්දුපත ට ළ`ගා විය හැක. මෙම බෝට්ටු සේවය ඔබට නොමිලේ ලබාගත හැක.
උදෑසන 9.00ට නාගදීපයට යෑමට භාවිතා කරන ජැටියෙන් මෙම බෝට්ටුව පිටත්වේ. එය පැයක පමණ කාලයකින් මෙම
දුපතට ළ`ගා වේ.
එය සවස 3ට නැවතත් ඩෙල්ෆ් ¥පතින් පිටත් වේ.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම යාත‍්‍රාව මගින් ඩෙල්ෆ් ¥පත වෙත ජනතාව රැුගෙන යන්න නොමිලේය.
ඩෙල්ෆ් ¥පතට ඇතු`ඵ වන තැන විශාල තොරණ දැක ගතහැක.
ඩෙල්ෆ් ¥පත තුළ ගමනාගමනය සඳහා ලංගම බස් රථයක්ද කි‍්‍රයාත්මක වේ. ඔබ එහි සංචාරය කරන්නේ නම් එහි ඇති ලොරි අත් ට‍්‍රැක්ටර් හෝ තී‍්‍රවිලර් භාවිතා කළ හැකිය.
මෙම
දුපතේ සංචාරය සඳහා තී‍්‍රරෝද රථ, අත් ට‍්‍රැක්ටර්, ලොරියක් ඔබට අවශ්‍ය නම් ලබාගත හැක.
මෙම
දුපතඑකල පෘතුගිසි හා ලන්දේසි පාලනයට නතුව තිබී ඇත. ඒ බවට සාධක තවමත් පවතී.
ඩෙල්ෆ් ¥පතේ පෘතුගිසි ක‍්‍රමයට හා ලන්දේසි ක‍්‍රමයට සැකසූ බලකොටු දෙකක් දැක ගත හැක.
මේ ලන්දේසි බලකොටුව සිර කඳවුරක් ලෙස භාවිතා කර ඇති බවට සාධක දැක ගත හැක. මෙහි ඉතා කුඩා කාමර මෙන්ම බිත්තියක ගණකම අඩි දෙක හමාරක් පමණ වේ. එමගින් ඉහතා කී සාධකය තහවුරු වේ.
පෘතුගීසි බලකොටුවේ නටඹුන්වල ඇති විශේෂ දෙයක් නම් විශාල පරෙවි කූඩුවයි. මෙම පරෙවි කූඩුවේ ඇති ප‍්‍රයෝජනය නම් ¥පත් අතර පණිවිඩ හුවමාරුවයි. එකල පණිවිඩ හුවමාරු සඳහා කුරුල්ලෙක් භාවිතා කිරීම නිසාය.
ඩෙල්ෆ්
දුපත පුරාම හිරිගල් දැක ගත හැක. මෙම දුපතතේ ඇති නිවාසවල තාප්ප සාදා ඇත්තේ හිරිගල් අඩුක්කු කිරීමෙන්. මෙවැනි තාප්ප දැකිය හැකි එකම ස්ථානය ඩෙල්ෆ් යි.
මෙහි ජනගහනය 5000කට පමණ ආසන්න වේ.
මෙම ¥පතේ දැක ගත හැකි දවත් විශේෂ දෙයක් නම් ලියලන ගලයි. එය දේවාලයක් අසල කොටු කර තබා ඇත. මෙම
දුපත් වාසීන් පවසන්නේ එම ගල ලියලන බවයි.
මීට අමතරව කි‍්‍රස්තියානි විශ්වාසයට අනුව ආදම්ගේ පා සලකුණ මෙහි තබා ඇත. පැරණි විහාර කිහිපයක නටඹුන්ද මෙහිදී දැක ගත හැක.

No comments: