Hall Of Fame -Our History

Sanchare' was talented enough to receive The Presidential award for a consecutive period of 3 years. Without Ur helping hands i don't think v must have not succeeded the dream. Thanks you very much for making sanchare the No 1 programme.
- Nade Gura & D Nade -
_____________________________________________________________________

නාගදීපය, ඩෙල්ෆ්,




නාගදීපය
යාපනය අර්ධද්වීපයේ ඇති දකුණේ ජනතාව අතර වඩාත්ම ජනපි‍්‍රය සහ ආකර්ශනයක් දිනාගත් ස්ථානය නාගදීපය බවට සැකයක් නැත. බුදුරජාණන් වහන්සේ දෙවන වර ලංකා ගමනයේදී නාග ගෝති‍්‍රකයන් අතර සිදුවූ ගැටුමක් සමතයකට පත් කිරීම සඳහා නාගදීපයට වැඩි බව බෞද්ධ ජනතාවගේ විශ්වාසයයි. විවිධ කාලවලදී ධාතුසේන, සද්ධාතිස්ස, දුටුගැමුණු ආදී රජවරුන් විසින් විටින් විට ප‍්‍රතිසංස්කරණය කරන ලද නාගදීප විහාරස්ථානය විටින් විට පරසතුරු උවදුරුවලටද ගොදුරු විය. මෑත කාලයේදී සිදුවූ ලොකුම විනාශය නම් 1958 කෝලාහල සමයේදී බුරුමයෙන් දායාදයක් ලෙස ලැබුණු බුදුපිළිම වහන්සේ කෝලාහලකරුවන් විසින් කඩා මුහුදට දැමීමයි. එය නැවත ගොඩගෙන කරෙයිනගර් හමුදා කඳවුරේ තැන්පත් කර ඇත.
නාගදීපයේ ඇති තවත් වැදගත් ආගමික ස්ථානයක් වන්නේ නාගපූෂානි අම්මාන් කෝවිලයි. මෙහි ඇති දේව රූපය මීට වසර දහස් ගණනකට පෙර පොළොවෙන් මතුවී ආ බවත් එමෙන්ම දකුණු ඉන්දියාවේ සිට යාපනය දක්වා වෙළඳාමේ ආ වෙළඳුන්ට සිදුවූ අකරතැබ්බයක් ඔස්සේ මේ කෝවිල ගොඩනැගුණු බවත් ජනප‍්‍රවාදයේයි.
නාගපූෂානි අම්මාන් කෝවිලේ දායක සභාව විසින් නාගදීපය වන්දනාවේ එන බෞද්ධ හින්දු සියළුම බැතිමතුන්ට නොමිලේ දිවා ආහාරය සපයන දන්සලක් පවත්වා ගෙන යයි. එමෙන්ම එහි ඇති විශ‍්‍රාම ශාලාවේ 200ක පිරිසකට නවාතැන් පහසුකම් ඇත.
නාගදීපය වෙත යාමට කයිට්ස් කුරිකට්ටුවාන් ජැටියෙන් විනාඩි 20ක විතර මුහුදු ගමනක යෙදිය යුතුය. බෝට්ටුකරුවන් විසින් නාගදීපය සඳහා රැුගෙන යාමට රුපියල් 20ක මුදලක් අය කරයි.
නාගදීපය වෙත යාපනයේ සිට කිලෝ මීටර් 30ක විතර ගමනක යෙදිය යුතුයි.
ඩෙල්ෆ්

දුපතට ළ`ගා වීම සඳහා නාගදීපයට යාමට භාවිතා කරන ජැටිය භාවිතා කළ යුතුය. එතැන් සිට ෆෙරි (මෝටර් සවි කළ විශාල බෝට්ටු* මගින් ඩෙල්ෆ්දුපත ට ළ`ගා විය හැක. මෙම බෝට්ටු සේවය ඔබට නොමිලේ ලබාගත හැක.
උදෑසන 9.00ට නාගදීපයට යෑමට භාවිතා කරන ජැටියෙන් මෙම බෝට්ටුව පිටත්වේ. එය පැයක පමණ කාලයකින් මෙම
දුපතට ළ`ගා වේ.
එය සවස 3ට නැවතත් ඩෙල්ෆ් ¥පතින් පිටත් වේ.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම යාත‍්‍රාව මගින් ඩෙල්ෆ් ¥පත වෙත ජනතාව රැුගෙන යන්න නොමිලේය.
ඩෙල්ෆ් ¥පතට ඇතු`ඵ වන තැන විශාල තොරණ දැක ගතහැක.
ඩෙල්ෆ් ¥පත තුළ ගමනාගමනය සඳහා ලංගම බස් රථයක්ද කි‍්‍රයාත්මක වේ. ඔබ එහි සංචාරය කරන්නේ නම් එහි ඇති ලොරි අත් ට‍්‍රැක්ටර් හෝ තී‍්‍රවිලර් භාවිතා කළ හැකිය.
මෙම
දුපතේ සංචාරය සඳහා තී‍්‍රරෝද රථ, අත් ට‍්‍රැක්ටර්, ලොරියක් ඔබට අවශ්‍ය නම් ලබාගත හැක.
මෙම
දුපතඑකල පෘතුගිසි හා ලන්දේසි පාලනයට නතුව තිබී ඇත. ඒ බවට සාධක තවමත් පවතී.
ඩෙල්ෆ් ¥පතේ පෘතුගිසි ක‍්‍රමයට හා ලන්දේසි ක‍්‍රමයට සැකසූ බලකොටු දෙකක් දැක ගත හැක.
මේ ලන්දේසි බලකොටුව සිර කඳවුරක් ලෙස භාවිතා කර ඇති බවට සාධක දැක ගත හැක. මෙහි ඉතා කුඩා කාමර මෙන්ම බිත්තියක ගණකම අඩි දෙක හමාරක් පමණ වේ. එමගින් ඉහතා කී සාධකය තහවුරු වේ.
පෘතුගීසි බලකොටුවේ නටඹුන්වල ඇති විශේෂ දෙයක් නම් විශාල පරෙවි කූඩුවයි. මෙම පරෙවි කූඩුවේ ඇති ප‍්‍රයෝජනය නම් ¥පත් අතර පණිවිඩ හුවමාරුවයි. එකල පණිවිඩ හුවමාරු සඳහා කුරුල්ලෙක් භාවිතා කිරීම නිසාය.
ඩෙල්ෆ්
දුපත පුරාම හිරිගල් දැක ගත හැක. මෙම දුපතතේ ඇති නිවාසවල තාප්ප සාදා ඇත්තේ හිරිගල් අඩුක්කු කිරීමෙන්. මෙවැනි තාප්ප දැකිය හැකි එකම ස්ථානය ඩෙල්ෆ් යි.
මෙහි ජනගහනය 5000කට පමණ ආසන්න වේ.
මෙම ¥පතේ දැක ගත හැකි දවත් විශේෂ දෙයක් නම් ලියලන ගලයි. එය දේවාලයක් අසල කොටු කර තබා ඇත. මෙම
දුපත් වාසීන් පවසන්නේ එම ගල ලියලන බවයි.
මීට අමතරව කි‍්‍රස්තියානි විශ්වාසයට අනුව ආදම්ගේ පා සලකුණ මෙහි තබා ඇත. පැරණි විහාර කිහිපයක නටඹුන්ද මෙහිදී දැක ගත හැක.

යාපනය


යාපනය කොටුව

යාපනය පුස්තකාලය බොහෝ දෙනා නැරඹීමට පැමිණෙන ස්ථානයකිග දැනටත් යාපනය කොටුෙවි ආරක්ෂිත කුටි තිෙබිග :හමුදා* 1619 දී පෘතුග‍්‍රීසීන් විසින් මෙම කොටු බැමිම සාදා ඇත ග ඒ මුහුදින් එහා ආක‍්‍රමණ වැළැක්වීම සදහායග 1658 දී ලන්දේසීන් විසින් මෙය නැවත ප‍්‍රතිසංස්කරණය කරන ලැබුවාග පෘතුග‍්‍රීසි කාලයේ යුවන් ඞී වෙලෝ මෙම කොටුව භාරව සිට ඇත ග පසුව ඉයන් වැන්ඩලයිිටි ලන්දේසි කාලයේ මෙම කොටුව භාරව සිට ඇත ග ලන්දේසීන් මෙය යටත් කර ගැනීම සදහා එකදු උන්ඩයක්වත් වැය කර නැත ග 1795 දී ඉංග‍්‍රීසීන් මෙය යටත් කර ගෙන ඇත ග ගාලූ කොටුවේ වටේට ගමන් කල හැකි වුවද මෙහි එසේ යා නොහැක


යාපනය පුස්තකාල

යාපනය පුස්තකාලය යාපනය හදුනාගැනීමේ සංකේතයක් බදුයග මෙය 1981 දි ගිනිබත් කරන ලදී ග ඒ ගිනි තැබීමෙන් මෙහි සියලූ පොත් විනාශ විනාශ වියග

1935 දී මෙය ආරම්භ කර ඇති අතර ගිනි තැබීමෙන් අනතුරුව 2004 වර්ෂයේ දී නැවත ජනතාවට භාරදී ඇත ග ලක්ෂයක් පමණ වටිනා පොත් මෙහි තිබේ ග

පුස්තකාලය විවෘත වන වේලාවන් සදුදා හැර අනෙකුත් දිනයන්හිදී 8 30 සිට 5 30 දක්වා විවෘතව ඇත ග

යාපනය කෞතුකාගාරය

යාපනය කෞතුකාගාරය සිංහල දමිල කෞතුක භාණ්ඩ රැුසකික් යුක්ත වේග අගහරුවාදා හැර සතියේ සෑම දිනකම 8 30 සිට 4 30 වන තෙක් නැරඔිය හැකග

නාග විහාරය

යාපනය නගරයේ තිබෙන එකම බෞද්ධ සිද්ධස්ථානය මෙයයි. යාපනය නගරයේ ස්ටැන්ලි පාරේ මෙය පිහිටා ඇත. අලංකාර දිය පොකුණක් විශ්‍රාම ශාලාවකින් ‍ෙමම විහාරය සමන්විතයි.

සංඝමිත්තා තෙරණියෝ ශ්‍රීමා බෝදී අංකුරය ලංකාවට රැගෙන එද්දී එය සහ එන පිරිස පිළිගැනීම සදහා දේවානම් පියතිස්ස රජු දඹකොලපටුනට ගොස් ත‍ියෙනවා ඉන්පසු අනුරාධපුරයට නැවත එන ගමනේදී ශ්‍රීලංකාවේ වාසය කළ නාගග ගෝත්‍රික යන් ඉල්ලීමක් කර තිබෙනවා . ඒ මෙම බෝධීන් වහන්සේ සතියක කාලයක් නාග ගෝත්‍රිකයන්ට අයත් ප්‍රදේශයේ සිටුවා තියන්න කියල ඒ අනුව දේවානම් පියතිස්ස රජු අනුරාධපුරට රැගෙන යාමටත් පෙර මේ බෝධිය යාපනයට රැගෙන ගොස් තියෙනවා

ඒ අනුව තමයි ‘දෙව්ලොව දෙවියන් පුද කල බෝධිය

නාලොව සතියක් පුද කල බෝධිය ...’ යන කවිය නිර්මාණය වී තිබෙන්නෙ

දැනට මේ විහාරය භාරව කටයුතු කරන්නේ සිරි විමල ස්වාමීන් වහන්සේය.

.

නල්ලූර් කොවිල

මෙම කෝවිල ගොඩ නැගීමේදී 15 වැනි සියවසේ රජකල බුවනෙකබාහු රජතුමාට සිටි සපුමල් කුමාරයා විසින් මෙම කෝවිල ඉදි කර තිබේ. ඉන්පසු 1560 දී පෘතුගීසි යාපනය ආක්‍රමනය කිරීමට ගත් උත්සාහයේදී මෙම කෝවිල බිමට සමතලා කරන ලදී. එම අවස්ථාවේදී සංගේලියන් නැමති රජු මැදිහත්වී මෙම කෝවිලේ තිබුණු පුද පූජා කරන දේවාභරණ පූජා භාණ්ඩ එතනින් පේදුරු තුඩුව පැත්තට දිවෙන මාර්ගයේ 1 km පමණ ඈතට රැගෙන ගොස් ආරක්ෂා කොට තිබේ.

මෙහි පූජාවන් පැවැත්වෙන කාලය

උදේ 7.30

10.00

3.30




සංගේලියන් රජු

ඉතිහාසයේ සංගේලියන් රජු හදුන්වන්නේ රණශූරයෙකු ලෙසයි . ඔහු කිසිම ආක්‍රමණයකට නතු නොවී යාපනය ආරක්ෂා කරගෙන තිබේ.

නල්ලූර් කොවිලේ ඉදිරියෙන් තිබෙන පාරේ ගමන් කරන විට අශ්වයෙකුගේ පිටේ ඉන්න යුද සෙබලෙකුගේ පිළිරුවක් තිබේ . ඒ සංගේලියන් රජතුමාගේ බව සදහන්ය.

එය පසු කරගෙන යන විට ඕලන්ද යුගයට අයත් එම කාලයේ නිර්මාණය කලේයැයි සැලකෙන දැවැන්ත ද්වාරයක් හමු වේ.

එය පසු කර‍ෙගන ඉදරියට යන විට මේ රජුගේ මාලිගය යැයි සැලකෙන විශ්වාස කළ හැකි නටබුන් දැකගත හැක. එම මාලිගයේ නිර්මාණ ශිල්පය ඕලන්ද සහ ඉන්දියානු ආභාසය දැකගත හැක.


යාපනයේ මාකට්

ලබා ගත හැකි දේ-

කොට්ට තිලංගු , තල් හකුරු , තල් අල, මිදිවලින් සෑදු වයින් ,නෙල්ලි ක්‍රස්

යාපනේට ආවේනික අයිස් ක්‍රීම් ලබා ගත හැක

යාපනයේ ප්‍රසිද්ධ අයිස් ක්‍රීම් අලෙවි සැල්:

රාජා අයිස් ක්‍රීම් අලෙවි සැල

ලිංගම්,, ,, ,,

රියෝ ,, ,, ,, -මෙය යාපනයේ ප්‍රසිද්ධම අයිස් ක්‍රීම් අලෙවි සැලයි.

මිදි සහ නෙල්ලි ක්‍රස් ලබා ගැනීමට හොඳම ස්ථානය අරුල් අංග්‍රම් යන ස්ථානයයි . එය රෝහල පාරේ පිහිටා ඇත


COLOMBO COLOMBO


Bookmark and Share
People who are residing long way from Colombo may feel embarrassed in finding a suitable place for them for lodging also for a place to just a spend in a day. Don't worry here are some useful tips for your personal plans.
CLICK AND GO

Labugama and Kalatuwawa Reservoirලබුගම ජලාශ, කලටුවාව ජලාශය

Bookmark and Share
As you progress along the Colombo-avissawella main road, you shall find the kaluaggala junction from which when you take a turn to the left and go on for a mere 14km, it will lead you to the labugama tank. This place of great beauty is also a place of great importance as it gives the life form for the country’s commercial capital’s water needs.
As the people have brought forward the story behind the great existence of the tank, from their ancestors, it was the Prince of Wales in 1875 who had proposed this tank and showed the feasibility of satisfying Colombo’s water requirement from Labugama. And thus, the construction of the tank commenced in 1882.
By 1886 the tank was able to commence the flow of water to Colombo and it holds a remarkable capacity of 1960 million gallons of water. It provides 16% of Colombo’s water requirement.
So, how does one find water for a tank; you find a reliable source such as the Kelani River, go along the course till it branches off to create the Wak Oya and place the tank at the tip of this brook. The Labugama province receives approximately 3000ml of water with the monsoon rains and with that you have the story behind water for the tank.

කොළඹ-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ කලුඅග්ගල හංදියෙන් දකුණට හැරී 14km ගිය තැන ඔබට ලබුගම ජලාශයේ පිවිසුම් ‍ෙදාරටුව හමු‍ෙව්. ඒතැන සිට ලබුගම ජලාශයට 1km දුරක් ඇත.සුන්දර පරිසරයක පිහිටි ලබුගම ජලාශය ‍ෙකාළඹ ජනතාවට ජලය ලබා දීමට තැනූ මුල්ම ජලාශයයි.
1882 වර්ෂෙය් ලබුගම ජලාශය තැනීම ආරම්භ විය. මෙම ජලාශය මෙම ස්ථානයේ පිහිටුවීමටත් මෙහි සිට කොළඹට ජලය ලබා දීමට හැකි බවට 1875 ලංකාවට පැමිණි වෙල්ස් කුමාරයා යෝජනා කල බව ජනප්‍රවාදයේ සදහන් වේ.
1882 තැනීම ආරම්භකොට 1886 වන විට කොළඔ ජනතාවට ජලය ලබාදීම ඇරඹින. ලබුගම ජලාශය ධාරිතාවය ජල ගැලුම් මිලියන 1960කි.ලබුගම ජලාශයෙන් කොළඹට අවශ්‍ය සමස්ත ජල ප්‍රමානයෙන් 16% ප්‍රමානයක් ලබා දේ.
ලබුගම ජලාශය කැළනි ගගේ අතු ගංගාවක් වන වක් ඔය ඉස්මත්තේ පිහිටා ඇත.මෙයට ජලය ලැබෙන්නේ මෝසම් වැසි මගිනි. ලබුගම ප්‍රදේශයට වාර්ෂික වර්ෂාපතනය 3000ml පමණ වේ.

කලටුවාව ජලාශ
------------------
ලබුගම ජලාශයේ සිට 1kmදුරින් කලටුවාවල ජලාශය පිහිටා ඇත.නුවරඑලියට සමාන දේශගුණයකින් යුතුය. බ්‍රිතාන්‍යයන් අතින් 1954 දී කලටුවාවල ජලාශය නිර්මානය ආරම්භ විය. වසර 06 ඇතුලත එනම් 1960 දී මෙය විවෘත විය. අඩි 66 උස වේල්ල අඩි 950 ක් දිගින් යුක්තය. පළල අඩි 08 කි. ඝන මීටර් 84000 ජලය ලබා ‍දේ. ලබුගමට වඩා එය දෙගුනයකි.එය සමස්ත ජල ප්‍රමානයෙන් 17%කි.

මෙම ස්ථාන නැරඹීම:-
නැරඹිමට අවශ්‍ය අය‍‍‍‍ගේ නම් ඔවුන් ගේ හැදුන්ම්පත් අංකය සමග නැරඹිමට අවශ්‍ය දිනය සදහන් ලිපියක්,
සහකාර සාමාන්‍යාධිකාරි,
ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය,
උඩු මුල්ල පාර,
නව නගරය,
මුල්ලේරියාව.
යන ලිපිනයට යොමු කිරීමෙන් අවසර ලබා ගත හැක.වැඩි විස්තර 011-2418531 දරන අංකයෙන් ද ලබා ගත හැක.
මෙම ජලාශ වලට අමතරව තවත් සුන්දර ස්ථාන රැසක් මෙම ප්‍රදේශය තුල දැක ගත හැක.ඒ අතර රන්මුදු ඇල්ල, කුමාර ඇල්ල ඇතුලු දිය ඇළි කීපයක් වේ.
View Labugama & Kalatuwawa in a larger map
Bookmark and Share