නාගදීපය, ඩෙල්ෆ්,
නාගදීපය
යාපනය අර්ධද්වීපයේ ඇති දකුණේ ජනතාව අතර වඩාත්ම ජනපි‍්‍රය සහ ආකර්ශනයක් දිනාගත් ස්ථානය නාගදීපය බවට සැකයක් නැත. බුදුරජාණන් වහන්සේ දෙවන වර ලංකා ගමනයේදී නාග ගෝති‍්‍රකයන් අතර සිදුවූ ගැටුමක් සමතයකට පත් කිරීම සඳහා නාගදීපයට වැඩි බව බෞද්ධ ජනතාවගේ විශ්වාසයයි. විවිධ කාලවලදී ධාතුසේන, සද්ධාතිස්ස, දුටුගැමුණු ආදී රජවරුන් විසින් විටින් විට ප‍්‍රතිසංස්කරණය කරන ලද නාගදීප විහාරස්ථානය විටින් විට පරසතුරු උවදුරුවලටද ගොදුරු විය. මෑත කාලයේදී සිදුවූ ලොකුම විනාශය නම් 1958 කෝලාහල සමයේදී බුරුමයෙන් දායාදයක් ලෙස ලැබුණු බුදුපිළිම වහන්සේ කෝලාහලකරුවන් විසින් කඩා මුහුදට දැමීමයි. එය නැවත ගොඩගෙන කරෙයිනගර් හමුදා කඳවුරේ තැන්පත් කර ඇත.
නාගදීපයේ ඇති තවත් වැදගත් ආගමික ස්ථානයක් වන්නේ නාගපූෂානි අම්මාන් කෝවිලයි. මෙහි ඇති දේව රූපය මීට වසර දහස් ගණනකට පෙර පොළොවෙන් මතුවී ආ බවත් එමෙන්ම දකුණු ඉන්දියාවේ සිට යාපනය දක්වා වෙළඳාමේ ආ වෙළඳුන්ට සිදුවූ අකරතැබ්බයක් ඔස්සේ මේ කෝවිල ගොඩනැගුණු බවත් ජනප‍්‍රවාදයේයි.
නාගපූෂානි අම්මාන් කෝවිලේ දායක සභාව විසින් නාගදීපය වන්දනාවේ එන බෞද්ධ හින්දු සියළුම බැතිමතුන්ට නොමිලේ දිවා ආහාරය සපයන දන්සලක් පවත්වා ගෙන යයි. එමෙන්ම එහි ඇති විශ‍්‍රාම ශාලාවේ 200ක පිරිසකට නවාතැන් පහසුකම් ඇත.
නාගදීපය වෙත යාමට කයිට්ස් කුරිකට්ටුවාන් ජැටියෙන් විනාඩි 20ක විතර මුහුදු ගමනක යෙදිය යුතුය. බෝට්ටුකරුවන් විසින් නාගදීපය සඳහා රැුගෙන යාමට රුපියල් 20ක මුදලක් අය කරයි.
නාගදීපය වෙත යාපනයේ සිට කිලෝ මීටර් 30ක විතර ගමනක යෙදිය යුතුයි.
ඩෙල්ෆ්
දුපතට ළ`ගා වීම සඳහා නාගදීපයට යාමට භාවිතා කරන ජැටිය භාවිතා කළ යුතුය. එතැන් සිට ෆෙරි (මෝටර් සවි කළ විශාල බෝට්ටු* මගින් ඩෙල්ෆ්දුපත ට ළ`ගා විය හැක. මෙම බෝට්ටු සේවය ඔබට නොමිලේ ලබාගත හැක.
උදෑසන 9.00ට නාගදීපයට යෑමට භාවිතා කරන ජැටියෙන් මෙම බෝට්ටුව පිටත්වේ. එය පැයක පමණ කාලයකින් මෙම
දුපතට ළ`ගා වේ.
එය සවස 3ට නැවතත් ඩෙල්ෆ් ¥පතින් පිටත් වේ.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම යාත‍්‍රාව මගින් ඩෙල්ෆ් ¥පත වෙත ජනතාව රැුගෙන යන්න නොමිලේය.
ඩෙල්ෆ් ¥පතට ඇතු`ඵ වන තැන විශාල තොරණ දැක ගතහැක.
ඩෙල්ෆ් ¥පත තුළ ගමනාගමනය සඳහා ලංගම බස් රථයක්ද කි‍්‍රයාත්මක වේ. ඔබ එහි සංචාරය කරන්නේ නම් එහි ඇති ලොරි අත් ට‍්‍රැක්ටර් හෝ තී‍්‍රවිලර් භාවිතා කළ හැකිය.
මෙම
දුපතේ සංචාරය සඳහා තී‍්‍රරෝද රථ, අත් ට‍්‍රැක්ටර්, ලොරියක් ඔබට අවශ්‍ය නම් ලබාගත හැක.
මෙම
දුපතඑකල පෘතුගිසි හා ලන්දේසි පාලනයට නතුව තිබී ඇත. ඒ බවට සාධක තවමත් පවතී.
ඩෙල්ෆ් ¥පතේ පෘතුගිසි ක‍්‍රමයට හා ලන්දේසි ක‍්‍රමයට සැකසූ බලකොටු දෙකක් දැක ගත හැක.
මේ ලන්දේසි බලකොටුව සිර කඳවුරක් ලෙස භාවිතා කර ඇති බවට සාධක දැක ගත හැක. මෙහි ඉතා කුඩා කාමර මෙන්ම බිත්තියක ගණකම අඩි දෙක හමාරක් පමණ වේ. එමගින් ඉහතා කී සාධකය තහවුරු වේ.
පෘතුගීසි බලකොටුවේ නටඹුන්වල ඇති විශේෂ දෙයක් නම් විශාල පරෙවි කූඩුවයි. මෙම පරෙවි කූඩුවේ ඇති ප‍්‍රයෝජනය නම් ¥පත් අතර පණිවිඩ හුවමාරුවයි. එකල පණිවිඩ හුවමාරු සඳහා කුරුල්ලෙක් භාවිතා කිරීම නිසාය.
ඩෙල්ෆ්
දුපත පුරාම හිරිගල් දැක ගත හැක. මෙම දුපතතේ ඇති නිවාසවල තාප්ප සාදා ඇත්තේ හිරිගල් අඩුක්කු කිරීමෙන්. මෙවැනි තාප්ප දැකිය හැකි එකම ස්ථානය ඩෙල්ෆ් යි.
මෙහි ජනගහනය 5000කට පමණ ආසන්න වේ.
මෙම ¥පතේ දැක ගත හැකි දවත් විශේෂ දෙයක් නම් ලියලන ගලයි. එය දේවාලයක් අසල කොටු කර තබා ඇත. මෙම
දුපත් වාසීන් පවසන්නේ එම ගල ලියලන බවයි.
මීට අමතරව කි‍්‍රස්තියානි විශ්වාසයට අනුව ආදම්ගේ පා සලකුණ මෙහි තබා ඇත. පැරණි විහාර කිහිපයක නටඹුන්ද මෙහිදී දැක ගත හැක.
යාපනය
යාපනය කොටුව
යාපනය පුස්තකාලය බොහෝ දෙනා නැරඹීමට පැමිණෙන ස්ථානයකිග දැනටත් යාපනය කොටුෙවි ආරක්ෂිත කුටි තිෙබිග :හමුදා* 1619 දී පෘතුග‍්‍රීසීන් විසින් මෙම කොටු බැමිම සාදා ඇත ග ඒ මුහුදින් එහා ආක‍්‍රමණ වැළැක්වීම සදහායග 1658 දී ලන්දේසීන් විසින් මෙය නැවත ප‍්‍රතිසංස්කරණය කරන ලැබුවාග පෘතුග‍්‍රීසි කාලයේ යුවන් ඞී වෙලෝ මෙම කොටුව භාරව සිට ඇත ග පසුව ඉයන් වැන්ඩලයිිටි ලන්දේසි කාලයේ මෙම කොටුව භාරව සිට ඇත ග ලන්දේසීන් මෙය යටත් කර ගැනීම සදහා එකදු උන්ඩයක්වත් වැය කර නැත ග 1795 දී ඉංග‍්‍රීසීන් මෙය යටත් කර ගෙන ඇත ග ගාලූ කොටුවේ වටේට ගමන් කල හැකි වුවද මෙහි එසේ යා නොහැක
යාපනය පුස්තකාලය
යාපනය පුස්තකාලය යාපනය හදුනාගැනීමේ සංකේතයක් බදුයග මෙය 1981 දි ගිනිබත් කරන ලදී ග ඒ ගිනි තැබීමෙන් මෙහි සියලූ පොත් විනාශ විනාශ වියග
1935 දී මෙය ආරම්භ කර ඇති අතර ගිනි තැබීමෙන් අනතුරුව 2004 වර්ෂයේ දී නැවත ජනතාවට භාරදී ඇත ග ලක්ෂයක් පමණ වටිනා පොත් මෙහි තිබේ ග
පුස්තකාලය විවෘත වන වේලාවන් සදුදා හැර අනෙකුත් දිනයන්හිදී 8 30 සිට 5 30 දක්වා විවෘතව ඇත ග
යාපනය කෞතුකාගාරය
යාපනය කෞතුකාගාරය සිංහල දමිල කෞතුක භාණ්ඩ රැුසකික් යුක්ත වේග අගහරුවාදා හැර සතියේ සෑම දිනකම 8 30 සිට 4 30 වන තෙක් නැරඔිය හැකග
නාග විහාරය
යාපනය නගරයේ තිබෙන එකම බෞද්ධ සිද්ධස්ථානය මෙයයි. යාපනය නගරයේ ස්ටැන්ලි පාරේ මෙය පිහිටා ඇත. අලංකාර දිය පොකුණක් විශ්‍රාම ශාලාවකින් ෙමම විහාරය සමන්විතයි.
සංඝමිත්තා තෙරණියෝ ශ්‍රීමා බෝදී අංකුරය ලංකාවට රැගෙන එද්දී එය සහ එන පිරිස පිළිගැනීම සදහා දේවානම් පියතිස්ස රජු දඹකොලපටුනට ගොස් තියෙනවා ඉන්පසු අනුරාධපුරයට නැවත එන ගමනේදී ශ්‍රීලංකාවේ වාසය කළ නාගග ගෝත්‍රික යන් ඉල්ලීමක් කර තිබෙනවා . ඒ මෙම බෝධීන් වහන්සේ සතියක කාලයක් නාග ගෝත්‍රිකයන්ට අයත් ප්‍රදේශයේ සිටුවා තියන්න කියල ඒ අනුව දේවානම් පියතිස්ස රජු අනුරාධපුරට රැගෙන යාමටත් පෙර මේ බෝධිය යාපනයට රැගෙන ගොස් තියෙනවා
ඒ අනුව තමයි ‘දෙව්ලොව දෙවියන් පුද කල බෝධිය
නාලොව සතියක් පුද කල බෝධිය ...’ යන කවිය නිර්මාණය වී තිබෙන්නෙ
දැනට මේ විහාරය භාරව කටයුතු කරන්නේ සිරි විමල ස්වාමීන් වහන්සේය.
.
නල්ලූර් කොවිල
මෙම කෝවිල ගොඩ නැගීමේදී 15 වැනි සියවසේ රජකල බුවනෙකබාහු රජතුමාට සිටි සපුමල් කුමාරයා විසින් මෙම කෝවිල ඉදි කර තිබේ. ඉන්පසු 1560 දී පෘතුගීසි යාපනය ආක්‍රමනය කිරීමට ගත් උත්සාහයේදී මෙම කෝවිල බිමට සමතලා කරන ලදී. එම අවස්ථාවේදී සංගේලියන් නැමති රජු මැදිහත්වී මෙම කෝවිලේ තිබුණු පුද පූජා කරන දේවාභරණ පූජා භාණ්ඩ එතනින් පේදුරු තුඩුව පැත්තට දිවෙන මාර්ගයේ 1 km පමණ ඈතට රැගෙන ගොස් ආරක්ෂා කොට තිබේ.
මෙහි පූජාවන් පැවැත්වෙන කාලය
සංගේලියන් රජු
ඉතිහාසයේ සංගේලියන් රජු හදුන්වන්නේ රණශූරයෙකු ලෙසයි . ඔහු කිසිම ආක්‍රමණයකට නතු නොවී යාපනය ආරක්ෂා කරගෙන තිබේ.
නල්ලූර් කොවිලේ ඉදිරියෙන් තිබෙන පාරේ ගමන් කරන විට අශ්වයෙකුගේ පිටේ ඉන්න යුද සෙබලෙකුගේ පිළිරුවක් තිබේ . ඒ සංගේලියන් රජතුමාගේ බව සදහන්ය.
එය පසු කරගෙන යන විට ඕලන්ද යුගයට අයත් එම කාලයේ නිර්මාණය කලේයැයි සැලකෙන දැවැන්ත ද්වාරයක් හමු වේ.
එය පසු කරෙගන ඉදරියට යන විට මේ රජුගේ මාලිගය යැයි සැලකෙන විශ්වාස කළ හැකි නටබුන් දැකගත හැක. එම මාලිගයේ නිර්මාණ ශිල්පය ඕලන්ද සහ ඉන්දියානු ආභාසය දැකගත හැක.
යාපනයේ මාකට්
ලබා ගත හැකි දේ-
කොට්ට තිලංගු , තල් හකුරු , තල් අල, මිදිවලින් සෑදු වයින් ,නෙල්ලි ක්‍රස්
යාපනේට ආවේනික අයිස් ක්‍රීම් ලබා ගත හැක
යාපනයේ ප්‍රසිද්ධ අයිස් ක්‍රීම් අලෙවි සැල්:
රාජා අයිස් ක්‍රීම් අලෙවි සැල
ලිංගම්,, ,, ,,
රියෝ ,, ,, ,, -මෙය යාපනයේ ප්‍රසිද්ධම අයිස් ක්‍රීම් අලෙවි සැලයි.
මිදි සහ නෙල්ලි ක්‍රස් ලබා ගැනීමට හොඳම ස්ථානය අරුල් අංග්‍රම් යන ස්ථානයයි . එය රෝහල පාරේ පිහිටා ඇත